Home උණුසුම් පුවත් නාය අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

නාය අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

by Hela news

වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08කට පනවා ඇති නායයැම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ බදුල්ල,මාතලේ, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික් සඳහා එම නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවයි. මේ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment