Home විදෙස් පුවත් නවසීලන්ත ඝාතකයාගෙන් අභියාචනයක්

නවසීලන්ත ඝාතකයාගෙන් අභියාචනයක්

by Hela news

මීට වසර දෙකකට පෙර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේදී මුස්ලිම් පල්ලි දෙකකට ප්‍රහාර එල්ලකර මුස්ලිම් ජාතිකයින් 51 දෙනෙක් ඝාතනය කළ පුද්ගලයා ඔහුට ලබාදී ඇති “ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම” ට එරෙහිව අභියාචනයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ නීතිඥයා පැවසීය.

බ්රෙන්ටන් ටැරන්ට් පවසා ඇත්තේ වරද පිළිගන්නා ලෙස ඔහුට බලකර බවත් එබැවින් තමාට අධිකරණයෙන් දුන් දඬුවමට එරෙහිව අභියාචනයක් යොමුකරන බවත් ය. 

2019 මාර්තු 15 වනදා ආයුධ සන්නද්දව මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදුණු ටැරන්ට්, එහි සිටි බැතිමතුන් 51ක් ඝාතනය කර තවත් 40 දෙනෙකුට තුවාල සිදුකළේය. එය නවසීලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම සමූහ වෙඩි තැබීම ලෙස සඳහන් විය.

නඩු විභාගයෙන් අනතුරුව පසුගිය වසරේදී ටැරන්ට් ව ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කළ අතර ඔහුට සමාවක් නොලැබෙයි.

නවසීලන්ත ඉතිහාසයේ චූදිතයෙක් ට එරෙහිව ජීවිතාන්තය දක්වා සිරගත කළ පළමු අවස්ථාව එය වෙයි.

නඩු විභාගය ඇරඹීමට පෙර ඔහුට “අමානුෂික සහ ඉතා පහත් ලෙස” සැලකීම හේතුවෙන් තමා පිළිගත් බව ටැරන්ට් ඔහුගේ නීතිඥයා වන ටෝනි එලිස්ට පවසා තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment