Home විදෙස් පුවත් නවසීලන්තයේ වීසා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින්ට වැදගත් පණිවුඩයක්

නවසීලන්තයේ වීසා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින්ට වැදගත් පණිවුඩයක්

by Hela news

පුහුණු සංක්‍රමණික ශ්‍රමිකයින් අහිමිවීමේ ගැටලුවට මුහුණදෙමින් සිටින නවසීලන්තය එය වළක්වා ගැනීම සඳහා සංක්‍රමණික පුද්ගලයින් සඳහා ස්ථීර පදිංචිය පහසුකිරීම සඳහා වීසා 165,000ක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදයේ ඇතිවූ ප්‍රමාද හේතුවෙන් බොහෝ පුහුණු ශ්‍රමිකයින් නවසීලන්තය හැරදා යන තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

නවසීලන්ත බලධාරීන් නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ ඊට විසඳුමක් වශයෙනි.  

එමගින් බොහෝ සංක්‍රමණිකයින් සඳහා පහසුවෙන් නවසීලන්තයේ පුරවැසිභාවය හිමිකර ගැනීමට වාසනාව හිමිවෙයි. විශේෂයෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් රැසක් වීසා බලපත්‍ර පමාවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව සඳහන් වෙයි.

ඔවුන්ගේ අයදුම්පත් වසරක් තුළ අනුමත කිරීම එරට බලධාරීන්ගේ සැලසුම ය.

මෙම ක්‍රමවේදය දෙසැම්බර් මස සිට ඇරඹීමට කටයුතු සම්පාදනය කර ඇති බව වාර්තා විය.

0 comment
0

Related Posts

Leave a Comment