Home ක්‍රීඩා පුවත් නවසීලන්තයට සැනසුම් දිනුමක්

නවසීලන්තයට සැනසුම් දිනුමක්

by Hela news

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 52ක ජයක් හිමි කර ගැනීමට සංචාරක නවසීලන්ත පිල සමත් විය.

කෙසේ වෙතත් මේ වන විට තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණේ පසු වන්නේ බංග්ලාදේශයයි. මීර්පූර්හිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 128ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශ පිලට ඕවර 19.4කදී සියල්ලන්ට දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 76ක් පමණි. දෙපිල අතර, සිව්වැනි විස්සයි20 තරගය හෙට (8) පැවැත්වේ.

0 comment
0

Related Posts

Leave a Comment