Home ව්‍යාපාර පුවත් නවලෝක රෝහල් සමූහයෙන් පසු කොවිඩ් සත්කාර මධ්‍යස්ථානයක්

නවලෝක රෝහල් සමූහයෙන් පසු කොවිඩ් සත්කාර මධ්‍යස්ථානයක්

by Hela news

පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමි නාමය වන නවලෝක රෝහල් සමූහය ශ්‍රී ලංකාවෙන් කොවිඩ් වයිරසය තුරන් කිරීම සඳහා ගත් සාමූහික උත්සාහයක් වශයෙන් මෑතකදී පසු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හඳුන්වා දෙන ලදි. විශේෂයෙන්ම කොවිඩ් වැලඳී සුවය ලබන රෝගීන් සඳහා පුළුල් බහුවිධ සත්කාර සහ සමාජගත වීමේදී ඇති විය හැකි මානසික ආතතීන් (Psychosocial) පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර මේ ඒකකය තුළින් කෙරේ. නවලෝක විශේෂත්ව රෝහල් සේවා මධ්‍යස්ථානයෙහි පිහිටි (Nawaloka specialty center) පරිශ්‍රයේ පිහිටි ළය සහ නින්ද (Nawaloka chest and sleep) සම්බන්ධ ඒකකයේ වෙන්වූ අංශයක් ලෙස හඳුන්වා දුන් මේ මධ්‍යස්ථානය මඟින් කොවිඩ් වැලඳී නිරෝධායන කාලසීමාව අවසන් වූ පසුවද අවදානමට ලක්ව ඇති රෝගීන් නිරීක්ෂණය කිරීම, සහාය වීම සහ ප්‍රතිකාර දීමෙන් පසු බරපතළ සංකූලතාවලට ගොදුරු වීම වැළැක්වීම කරනු ලබයි.

කොවිඩ් -19 වයිරසය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ බොහෝ දෙනකු ඊට ගොදුරු වෙමින් සිටී. නමුත් මේ වන විට විශාල ප්‍රමාණයක් සුවය ලබමින්ද ඇත. සති කිහිපයකින් බොහෝ දෙනකු රෝගයෙන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වන නමුත් එහි බලපෑම දීර්ඝ කාලීනව අත්විඳීමට සිදුවේ. කොවිඩ් වයිරසයෙන් පූර්ණ සුවය ලැබූ බවට පරීක්ෂණ මඟින් තහවුරු වුවද බොහෝ කලකට පසුව හෝ හුස්ම ගැනීමේ අපහසුව, අධික ලෙස දහඩිය දැමීම, අධික බර අඩු වීම, වෙහෙසට පත්වීම සහ මානසික අවපීඩනය සහ නොනවතින කැස්ස වැනි තත්ත්වවලට මුහුණ දීමට වනු ඇත.

තවද මතු වෙමින් පවතින පරීක්ෂණ ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ සමහර රෝගීන්ට Thromboembolic රෝගය, සමස්ත පද්ධතියටම බලපාන Systemic Inflammatory Response Syndrome හෘද වාහිනි සංකූලතා සහ අක්මාවේ හා වකුගඩුවල දුර්වලතා ඇතුළු පද්ධතිමය සංකූලතා කිහිපයක් ඇති වීමේ අවදානමක් ඇති බවයි. වයස්ගත වීම, නිදන්ගත රෝගාබාධ තිබීම සහ තරබාරුව ආදි විවිධ රෝගි කණ්ඩායම්වල ප්‍රතිඵලවල හඳුනා ගත් විසමතා ද ඇත.

0 comment
0

Related Posts

Leave a Comment