Home විදෙස් පුවත් නවදිල්ලි නුවර වායු දූෂණය දරුණු අතට

නවදිල්ලි නුවර වායු දූෂණය දරුණු අතට

by Hela news

වායු දූෂණය ඉහළ යෑම හේතුවෙන් මේ සති අන්තයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර අගුළු ලෑමට ඊයේ හදිසි සාකච්ඡාවකට එක්වු දිල්ලි බලධාරීන් යෝජනා කර ඇතැයි වාර්තා වේ. උද්ගතවී ඇති තත්ත්වය මත දින නියමයකින් තොරව පාසල් සහ උසස් විදුහල් වසා දැමීමට පියවර ගෙන ඇති අතර, කාර්යාලවල සේවකයන් අවම කිරීමට ද උපදෙස් සපයා ඇත. එමෙන්ම නැවත දැනුම් දෙනතුරු සංචරණය සීමා කරන ලෙස නගරවාසීන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රෙෂ්ඨාධිකරණයේ නියෝගයක් මත කැඳවූ මේ සාකච්ඡාවේදී නගරයේ ඉදිකිරීම් කටයුතු සහ සියලු කර්මාන්තශාලා වසා දැමීමට ද බලධාරින් නිර්දේශ කර ඇත.

මේ මස 21 වැනිදා හෝ ඊට පසු සඳහන් කෙරෙන දිනය වනතුරු නවදිල්ලි නුවරට අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් ට්‍රක් රථ ඇතුළුවීම තහනම් කිරීමට ද දිල්ලි ප්‍රවාහන අමාත්‍යාංශය පෙරේදා පියවර ගත්තේය.

විෂ දුම් සහිත මීදුම් පටලය නවදිල්ලි නුවර ඉහළ අහස වසා පැතිරෙමින් තිබෙන අතර, ලොව වැඩිම වායු දූෂණය සිදුවන නගරය ලෙස අන්තර්ජාතික වශයෙන් ප්‍රකට නවදිල්ලි නුවර පසුගිය දින 10 කාලයක් පුරා මේ තත්ත්වය ඇති වී තිබිණි.නවදිල්ලි නුවර වායූ දූෂණය ඉහළ යෑමෙන් නගරයේ වැඩිහිටි පුද්ගලයන්ට පෙනහළු ආසාදන සහ හෘදයාබාධ වැලඳීමේ වැඩි ඉඩකඩක් පවතින අතර, වායු දූෂණය හේතුවේන පසුගිය වසරේදී පමණක් නවදිල්ලි නුවර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව පනස් දහස ඉක්මවා ඇත. එංගලන්තයේ ලැන්සෙට් වෛද්‍ය පර්යේෂණ වාර්තාවකට අනුව වායු දූෂණය හේතුවෙන් 2019 වසරේදි ඉන්දියාවේ මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 1.67කි.

0 comment
0

Related Posts

Leave a Comment