Home විදෙස් පුවත් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව ට කොවිඩ්

ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව ට කොවිඩ්

by Hela news

අමෙරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකි කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ තමන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවය.

42 හැවිරිදි සාකි, කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබූ බවත් පසුගිය අඟහරුවාදා ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇය මීටරයකට වඩා වැඩි පරතරයක් තබාගෙන සිටි බවත් මුඛ ආවරණ පැලඳ සිටි බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් ඊයේ සිය තෙවැනි එන්නත් මාත්‍රාව ලබාගෙන තිබුණි.

තුන්වැනි මාත්‍රාව ලෙස ඇය ලබාගෙන තිබුණේ මොඩර්නා එන්නතය.

වෛරසය යළි හිස ඔසවා තිබෙන පසුබිමක එන්නත් ලබාගන්නා ලෙස ඇය මෙහිදී සියලු අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියාය.

0 comment
0

Related Posts

Leave a Comment