Home කාලීන පුවත් දෙවැනි ලෝක යුද සමයේ ලාංකීය දේශපාලනය

දෙවැනි ලෝක යුද සමයේ ලාංකීය දේශපාලනය

by Hela news

දෙවැනි ලෝක යුද්ධය තුළින් ලෝකයට සිදු වූ බලපෑම සුළුවෙන් තැකිය නොහැකිය. දෙවැනි ලෝක යුද්ධය සිදු වූ 1939 – 1945ත් අතර කාලයෙහි ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව පැවති රාජ්‍යයක් වූ නිසා ලංකාවටද දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම දැඩිව බලපෑවේය. එකල ලංකාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති බැවින් දෙවැනි ලෝක යුද්ධයේදී එංගලන්ත පාර්ශ්වයට සහය දැක්වීමට ලංකාවට සිදු විය.

ලංකාවෙන් ලැබුණු දායකත්වය

දෙවැනි ලෝක යුද්ධයේදී එංගලන්ත පාර්ශ්වය වූ මිත්‍ර පිලට සහාය දැක්වීමට ලංකාවට සිදු වූ නිසා ලංකාවේ ප්‍රදේශ රැසකම යුද්ධ ආරක්ෂක බලඇණි පිහිටුවීමට කටයුතු සිදු කෙරුණි. රත්මලාන, කොග්ගල, කොළඹ ඇතුළු ප්‍රදේශ රාශියක්ම ඒ සඳහා තෝරා ගෙන තිබුණි. කොළඹ තුරඟ තරග පිටිය විශාල ගුවන් පථයක් ලෙස භාවිත කරන්නටද ඒ අනුව තීරණය විය. රාජකීය ගුවන් හමුදාවේ බළ ගණ කිහිපයක් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ බළ ඇණි කිහිපයක්ද ලංකාවෙහි පිහිටුවනු ලැබීය. එපමණක් නොව ලෝක යුද්ධයේ හමුදා කටයුතු මෙන්ම ස්වචේඡා සේවා කටයුතු සඳහා ලංකාවෙන් පිරිස් පිටත් කර හරිනු ලැබීය. බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව, බ්‍රිතාන්‍ය රාජකීය යුද්ධ හමුදාව සහ රාජකීය නාවික හමුදාව සඳහා ලංකා‍වේ පිරිස් බඳවා ගැනීම ද සිදු විය.

සමසමාජ කඳවුරෙහි බිඳ වැටීම

ලක්දිව පැරණිතම දේශපාලන පක්ෂය ලෙස සැලකෙන්නේ ලංකා සමසමාජ පක්ෂයයි. ආචාර් ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර් ධන, ලෙස්ලි ගුණවර් ධන, කොල්වින් ආර් ද සිල්වා ඇතුළු වාමාංශික නායකයන්ගේ එකමුතුවෙන් 1935 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භය සිදු විය. නමුත් පක්ෂය ආරම්භ කර වසර 4ක් ගෙවෙන්නට පෙර එය දෙකඩව ගියේය. එම දෙකඩ වීම සඳහා දෙවන ලෝක යුද්ධය අනියම් ලෙස බලපෑම් කරන ලදී. දෙවැනි ලෝක යුද්ධයේදී තම පක්ෂය විසින් කුමන පාර්ශ්වයකට සහය දැක්විය යුතුදැයි පාක්ෂිකයන් අතර ගැටලුවක් මතු විය. එහිදී පිරිසක් කියා සිටියේ දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර් ප්‍රමුඛ සන්ධානය පරාජය කිරීම සඳහා කොන්දේසී විරහිතව යුද්ධයට සහාය දිය යුතු බවයි. කොන්දේසී විරහිතව යුද්ධයට විරුද්ධ විය යුතු බව අනෙක් පාර් ශ්වයේ අදහස විය. ‍ඒ අනුව සමසමාජ පක්ෂය එකිනෙකට විරුද්ධ අදහස් දෙකක සිටි අතර එතුළින් පක්ෂය දෙකඩ වී ඉවත් වූ කණ්ඩායම විසින් එක්සත් සමාජවාදී පක්ෂය පිහිටුවා ගනු ලැබීය.

කොකෝස්හි කැරැල්ල

යුද්ධය සඳහා ලංකාවෙන් විවිධ රටවලට සෙබළුන් පිටත් කිරීම සිදු වූ අතර කොකොස් හි හූස්බර් ග් දිවයිනෙහිද ලාංකික සෙබළුන් රඳවා තිබුණි. එහිදී සිලෝන් හමුදාවේ සෙබළුන් තිදෙනෙක් හට යුද්ධය පාවා දුන්නේ යැයි චෝදනාවක් එල්ල විණි. ජපානයට සහය දෙමින් එම දූපත ජපානයට නතු කර දීමට කටයුතු කිරීම, ඔවුන්ට එල්ල කෙරුණු චෝදනාව විය. එම චෝදනාවට දඬුවම් ලෙස ඔවුන්ට මරණ දඬුවම ලබා දෙන්නට තීරණය කෙරුණි.

කොළඹ සහ ත්‍රිකුණාමලයට බෝම්බ ගැසීම

දෙවැනි ලෝක යුද්ධ‍යෙහි අමෙරිකාව, එංගලන්තය ප්‍රමුඛ කණ්ඩායමට ප්‍රතිපක්ෂ කණ්ඩායමේ ප්‍රධාන තැනක් ඉසිලූ රාජ්‍යයක් ලෙස ජපානය සුවිශේෂී වෙයි. එම නිසා ජපානය විසින්, එංගලන්තය ප්‍රමුඛ මිත්‍ර පිලට සහාය දුන් ලංකාව වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන ලදී. කොළඹ සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන එම ප්‍රහාර දියත් කෙරුණි. ලක්දිව කිතුනු බැතිමතුන්හට සුවිශේෂී දිනයක් වූ පාස්කු ඉරිදා දිනය යෙදී තිබුණු 1942 අප්‍රේල් මස 5 වැනිදා එහි පළමු ප්‍රහාරය දියත් කෙරුණු අතර එහිදී ජපන්නු කොළඹ නගරය වෙත ගුවනින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. ජපානය විසින් කොළඹට එල්ල කරන ප්‍රහාරය අතරතුර කොළඹ වරායට සැතපුම් 300ක් පමණ දුරින් බටහිර මුහුදේ රඳවා තිබූ රාජකීය හමුදාවේ ප්‍රහාරක නෞකා 2ක් විනාශ කරනු ලැබීය. එපමණක් ‍නොව කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ යුද නැව් දෙකක්ද ජපන් ප්‍රහාර හමුවේ විනාශයට පත් විය. අත්වැරදීමක් නිසා අංගොඩ මානසික රෝහලටද ජපන් බෝම්මබයක් පතිත වුණු අතර එතුළින් සිවිල් වැසියන් රැසකට දිවි අහිමි විය

ඊට දින කිහිපයකට පසුව ත්‍රිකුණාමලයටද බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නට ජපන්නු කටයුතු කළහ. එහිදී ත්‍රිකුණාමලයේ චීන වරායට ‍බෝම්බ හෙළීමට පැමිණි එක් ගුවන් යානාවක් බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාරයකින් ඇද වැටුණු අතර, එය ත්‍රිකුණාමලයේ පිහිටුවා ඇති තෙල් ටැංකි අංගණයෙ 91වන තෙල් ටැංකිය මතට කඩා වැටුණි. ලංකාව ආශ්‍රිත ඉන්දියන් සාගරයෙහි යුද නැව් සහ ප්‍රහාරක යාත්‍රා බොහෝමයක් ස්ථානගත කර තිබූ අතර ලංකාවට පහර දී බලය අල්ලා ගෙන එම යුද ශක්තිය බිඳ හෙළීම ජපනුන්ගේ මෙම ප්‍රහාරවල අරමුණ වී තිබුණි.

ජේ. ආර් සමඟ ජපන් සාකච්ඡා

දෙවැනි ලෝක යුද්ධ සමයෙහි ලක්දිව දේශපාලන කේෂ්ත්‍රයේ පුමුඛයන් ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර් ධන මහතා සහ ඩඩ්ලි සේනනානයක මහතා ජපානය සමඟ එක්ව සාකච්ඡා කළේ, බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් පලවා හැරීමට සහාය ලබා ගැනීමටයි. ඩී. එස්. සේනානායක මහතා විසින් මැදිහත්ව එම සාකච්ඡා නවතා දැමීමට කටයුතු කරනු ලැබීය. සමසමාජ පක්ෂයේ මෙරට වාමාංශික කොටසක් දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය ඇතුළු ජර් මන් පිලේ ජයග්‍රහණය වඩාත් අගය කළ නමුත් ලංකාවේ ජනගහනයෙන් වැඩි කොටසක් ඊට විරුද්ධව අදහස් පළ කළහ

0 comment
0

Related Posts

Leave a Comment