Home කාලීන පුවත් දෙල්පෝන ගිරිමානන්දේ ඔක්කොම O/L පාස්

දෙල්පෝන ගිරිමානන්දේ ඔක්කොම O/L පාස්

by Hela news

මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් ගා/දෙල්පෝන ගිරිමානන්ද කනිටු විදුහලේ දරුවන් විශිෂ්ඨ ප්‍රතිඵල පෙන්වා තිබේ.

එම විදුහලේ සිසු සිසුවියන් හත් දෙනකු මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්ව ඇති අතර එම සිසු සිසුවියන් හත්දෙනාම අ.පො.ස. උසස් පෙළ හැදෑරීම සඳ⁣හා සුදුසකම් ලබා ඇතැයි එම විදුහලේ විදුහල්පතිනි රුවිනි ගම්මන්පිල මහත්මිය පැවසුවාය.

මෙම දරුවන් හත්දෙනාගෙන් දෙදෙනෙකු ඉංග්‍රීසි විෂය අසමත් වී ඇති අතර එක් අයෙක් විද්‍යා විෂය අසමත් වී ඇත. අනෙක් විෂයන් සියල්ලම ඔවුන් සමත් වී තිබේ. ඔවුන් කිසිදු බාහිර පන්තියකට ඉදිරිපත් නොවී මේ ප්‍රතිඵලය ලැබීමද විශේෂත්වයකි.

එසේම මේ දරුවන් හතර දෙනෙකු නිවුන් දරුවන් වීමත් ඉන් නිවුන් දරුවන් දෙදෙනෙකු ද්‍රවිඩ ජාතික දරුවන් වීමත් තවත් විශේෂත්වයකි. එම්.ඒ. රශ්මි තරුෂිකා, එම්.ඒ. රශ්මි ගීත්මා, (නිවුන්) ජී. නවීනා චින්තනී, ජී. ප්‍රබෝධි නිශාන්ති.ජී.ප්‍රමෝධා දිලුක්ශි, (නිවුන් ද්‍රවිඩ) ඒ.ජී. නිපුනි සෙව්වන්දි, ටී.ජී. ඉන්දුනිත් අවිශ්ක යන ළමුන් විභාගය සමත් වී ඇත.

0 comment
0

Related Posts

Leave a Comment