Home උණුසුම් පුවත් දෙමටගොඩ චමින්දගේ පුතා සතු අධි සුඛෝපභෝගී රථය පොලිස් භාරයට.

දෙමටගොඩ චමින්දගේ පුතා සතු අධි සුඛෝපභෝගී රථය පොලිස් භාරයට.

by Hela news

දැනට බන්ධනාගාරතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුතාට අයත් බව පැවසෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

එහි නීතිවිරෝධී වත්කම් හෝ දේපළ ඒකකය විසින් ඊයේ (01) සවස සිදුකළ විමර්ශනයකදී මෙම රථය ඔහුගේ දෙමටගොඩ නිවසේ තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ රථය මිලදීගත් ආකාරය සනාථ කිරීමට ඔහුට නොහැකිවීම හේතුවෙන් එම ජීප් රථය පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති බවය.

එය දැනට බන්ධනාගාරතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත්‍රයාගේ නමට ලියාපදිංචිකර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

0 comment
0

Related Posts

Leave a Comment