Home ගොසිප් පුවත් දෙපයට ගැළපෙන පාවහන් තෝරන්නේ මෙහෙමයි

දෙපයට ගැළපෙන පාවහන් තෝරන්නේ මෙහෙමයි

by Hela news

කාන්තාවන් බොහොමයකට තිබෙන ගැටලුවක් තමයි පාවහන් තෝරා ගැනීම. විවිධ විලාසිතාවලින් විවිධ පාවහන් වර්තමාන වෙ‍ෙළඳපළේ තිබුණත් බොහෝදෙනකු අලංකාරය පමණක් සිතා ඒවා මිලදී ගනියි. නමුත් ඔබ දන්නවාද ? උස පාවහන් පැලඳීම ඔබට රෝග බොහොමයකට බලපාන බව. ඉතින් ඔබට ගැළපෙන පාවහන් තෝරා ගන්නෙ කොහොමද යන්න මෙවර රූ රහස් ප්‍රස්තුතයයි. ඒ පිළිබඳ මෙවර ඔබව දැනුම්වත් කරන්නෙ සිංගප්පූරුව, නෙදර්ලන්තය, මාලදිවයින සේම ශ්‍රී ලංකාවෙහිද පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ආරෝෂි කෞෂල්‍යා හේරත් ය.

අඩි උස පාවහන් පැලදීම අද සමාජයේ වෙසෙන බොහෝ කාන්තාවන්ගේ විලාසිතාවක්. විලාසිතාවක් වුණත් එහි වේදනාව බොහෝ බරපතළ ය. සැහැල්ලු බවකින් තොරව, එසේම අපහසුතාවලින් පෙළමින් මෙම පාවහන් පැලඳීම මඟින් බොහෝ හානිකර තත්ත්වයක් ඔබට ඇති වෙන බව ඔබ දන්නවාද?

‘ඔබගේ ශරීරයේ බර උසුලා සිටින්නෙ අස්ථි පද්ධතියේ ඇති සමබරතාව සහ සමතුලිතභාව මඟිනි. දෙපාවල අස්ථිවල සිට ඉහළට ශරීර බර මඟින් ඇතිවන පීඩනයට ප්‍රතිවිරුද්ධ පීඩනයක් ඇති කෙරෙනවා සේම අඩි උස පාවහන් පැලඳීම නිසා මෙම අස්ථි මඟින් සන්ධි හරහා පීඩන සම්ප්‍රේෂණයේ වෙනස් වීමක් ඇතිකරන බව ඔබ දන්නවාද? විළුඹේ සිට දෙපයේ ඇඟිලි අතර පීඩන සම්ප්‍රේෂණය නිවැරදිව සිදුවීම ඇණහිටින අතර මේ නිසා ඇතිවන අපහසුතාව මග හරවා ගැනීම නොදැනුවත්වම ඔබ කරන ප්‍රතික්‍රියාව වන්නේ සාමාන්‍ය ගමන් විලාසයට වඩා වෙනස් නුහුරු ගමන් විලාසයකට ඇවිදීමයි. මේ නිසා ඇතිවන අසාමාන්‍ය ගමන් විලාසය නිසා අස්ථි ආශ්‍රිත ස්නායු තැළීම් වලට ලක්වෙනවා. එමෙන්ම අස්ථි ආශ්‍රිත සහ සන්ධි ආශ්‍රිත මාංශපේෂි හා තන්තුවල ස්වභාවික පිහිටීමේ හා සංයුතියේ වෙනස්වීම් ඇති වෙයි.

සන්ධි ආශ්‍රිත වෙනස්වීම් නිසා ඇතිවන විවිධ බලපෑම් පිළිබඳ විමසා බැලීමදී දෙපය ආශ්‍රිත සාමාන්‍යයෙන් දෙපා ක්‍රියාත්මක වන්නේ කම්පන අවශෝෂකයක් විදිහටයි. මෙමගින් ශරීර බර, දෙපාවල අස්ථි මඟින් සමබර ලෙස බෙදා හැරීමක් සිදු කරනවා. නමුත් අඩි උස පාවහන් පැලඳීම නිසා මෙම සමබර බව බිඳවැටීමට ලක්වන අතර වැඩි පීඩනයක් යොමු වන්නේ දෙපයේ ඇඟිලි හා ඉදිරිපස කොටස වෙතයි. මේ නිසා එම ප්‍රදේශයේ අස්ථි ගෙවීම වේගවත් වන අතර, ඒ ආශ්‍රිත ස්නායු තෙරපීමට ලක්වීම නිසා වේදනාකාරී බවක් හා ඇඟිලි හිරිවැටීම, අසාමාන්‍ය ඇවිදීමේ රටා ඇතිවීම ආදියට ඔබට මුහුණ දීමට සිදු වේවි.

කාන්තාවන්ගෙ පාවහන් පිළිබඳ කතා කිරීමේදී ඔවුන් භාවිත කරන විවිධ පාවහන් වර්ග තිබෙනවා. පළමු දෙය නම් loafers පාවහන්. එනම් සැහැල්ලු පාවහන් වර්ගයක්. එහි කුඩාවට හීල් එකක් තිබෙන අතර කාන්තාවන් අතර මෙය බොහොමයක් ජනප්‍රියයි. ඒ වගේම ඕනෑම සැහැල්ලු ඇඳුමකට මෙම පාවහන් ගැළපෙන අතර boots සපත්තු පිළිබඳත් අපට කතා නොකරම බැහැ. පිරිමි උදවියගෙ බූට් සපත්තුවලට වඩා කාන්තාවන්ගේ බූට් සපත්තු නිතර භාවිතයට ලක්වෙනවා. බූට් සපත්තු flat සහ heels වශයෙන් වෙ‍ෙළඳපළහි දකින්නට ලැබෙනවා. නෝමල් ගමනක් යද්දි අපිට බූට්ස් සපත්තු ගැළපෙන්නෙ නැහැ. වෙඩින් එකක් වගේ නම් අපිට බූට් සපත්තු භාවිත කළ හැකියි.

ඒ වගේම කාන්‍තා පාවහන් අතර nomals heels සහ high heels කියලා අඩි උස පාවහන් වර්ග කිහිපයකට බෙදෙනවා.සාරියකට ගවුමකට වගේ නම් heels සෙරෙප්පු බොහෝ ගැළපෙනවා. ඒ වගේම heeels වලින් කාලයක් යන විට විවිධ රෝගාබාධවලටත් ඔබ ගොදුරු වීමේ හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳ පසුගිය ලිපියකිනුත් අපි කතා කළා ඔබට මතක ඇති.

ඒ වගේම wedge heels යන සෙරෙප්පු වර්ගයකුත් තිබෙනවා. මේ සෙරෙප්පු වර්ගය නම් ඕනෑම ඇඳුමකට ගැළපෙනවා. ඒ වගේම pumps නම් සෙරෙප්පු වර්ගයකුත් තිබෙනවා. එහි තිබෙන්නෙ කුඩා දිග හීල්ස් එකක්. ඉදිරියෙන් ඔබේ ඇඟිලි ආවරණය වෙනවා. මේවා ගැළපෙන්නෙ විශේෂයෙන්ම උත්සව අවස්ථාවලට.ඊළඟට ෆ්ලැට් සෙරෙප්පු. හීල්ස් දැමීමට අකැමති අයට flat සෙරෙප්පු භාවිත කළ හැකියි. සැහැල්ලු ගමනකට වගේම ගර්භණී වෙලාවකදි අපි දාන්නෙ ෆ්ලැට් සෙරෙප්පු. නමුත් ගොඩක් මිටි කෙනෙක් නම් හීල්ස් දැම්මම ලස්සනයි.

එසේම ඔබ පාවහන් මිලට ගන්නා විට ඇඟිලි කොටස සහ විළුඹ ගැන සැලකිලිමත් වෙන්න. විළුඹ ප්‍රදේශය පාදයට සවි වන සේ තිබීම වැදගත් සේම බුරුල්ව තිබුණොත් ඔබ ඇවිදින විට කකුල පිටතට පැමිණෙන නිසා අපහසුතාවක් ඇති වෙනු ලබන බැවින් පාවහන් මිලදී ගැනීමේදී බොහොමයක් සැලකිලිමත් වන්න

0 comment
0

Related Posts

Leave a Comment