Home දේශීය පුවත් දුම්රිය වර්ජනයෙන් මඟීහු දැඩි අපහසුතාවට

දුම්රිය වර්ජනයෙන් මඟීහු දැඩි අපහසුතාවට

by Hela news

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ පැය 24ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් මඟීන් දැඩි අසීරුතාවකට පත් වූහ.

මෙම වැඩවර්ජනය හේතුවෙන් දුර ගමන් සේවා ඇතුළු දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කෙරුණු අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද අවලංගු කිරීමට සිදු විය. වැඩවර්ජනය පැවැතිය ද ඊයේ පෙරවරුවේ කාර්යාල දුම්රිය 40ක් ධාවනයේ යෙදවීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

මෙම වැඩවර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඔවුන් එක් දුම්රිය ස්ථානයකින් එක් දුම්රියක් ධාවනය කර ඊළඟ දුම්රිය ස්ථානයට ළඟා වීමට ඉඩ නොදී සංඥා පද්ධතිය අක්‍රිය කරන බවත් කීවේය. දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත් වීම නිසා ඇතැම් දුම්රිය ස්ථානවල ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරීමේ සිද්ධීන් නුවර, කැකිරාව වැනි ප්‍රදේශවලින් වාර්තා විය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැය විසි හතරක සංකේත වැඩවර්ජනයක් මෙසේ ආරම්භ කර තිබූ අතර පසුගියදා සිදු කළ සංකේත වැඩවර්ජනය අවස්ථාවේදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා දුන් පොරොන්දු ඉටු කිරීමට දුම්රිය බලධාරින් අපොහාසත් වීම හේතුවෙන් මේ පියවර ගත් බව එම සංගමය පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment