දුම්රිය රියැදුරෝ හා නියාමකවරු අද වර්ජනයේ

0
60

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා නැවත සංවර්ධනය කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (22 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය රියැදුරු නියාමකවරු එක් දින සංකේත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කළහ.

එම මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා නැවත ඉදිකිරීම සඳහා වසරකට අධික කාලයක් ගතවන බැවින් එය වෙනුවට මහව සිට ඕමන්තේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකර එය ද්විත්‍ව දුම්රිය මාර්ගයක් කළ යුතු යැයි දුම්රිය රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඹගොඩ මහතා ‘‘දිවයින’’ට පැවසීය.

වසරකට අධික කාලයක් දුම්රිය ගමනාගමනය නවතා දැමුවහොත් දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුවන බව පැවසූ ඒ මහතා එම තීරණයට එරෙහිව සංකේත වැඩවර්ජනය දීපව්‍යාප්තව සිදු කරන බවද කියා සිටියේය.

මෙම වැඩවර්ජනයට දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති ද දායක වන බැවින් දුම්රිය ධාවනය අද (23දා) සම්පූර්ණයෙන්ම අඩාළ වනු ඇතැයිද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here