Home ක්‍රීඩා පුවත් දිසානායක ඩකා නුවර හොකී විනිශ්චයට

දිසානායක ඩකා නුවර හොකී විනිශ්චයට

by Hela news

අන්තර්ජාතික හොකී විනිසුරුවකු ලෙස දකුණු ආසියා ක්‍රීඩා උලෙළ, ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය, ලෝක ලීග් ශූරතා තරගාවලිය, ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා සහභාගි වෙමින් අත්දැකීම් ඇති ඩී.ආර්.බී. දිසානායක මහතා ක්‍රීඩා සමාජය 12 ක සහභාගිත්වයෙන් ඩකා අගනුවර පැවැත්වෙන බංග්ලාදේශ සුපර් ලීග් හොකී තරගාවලියේ විනිශ්චයට එක්ව සිටී. සුපර් ලීග් තරගාවලිය මාසයකට වඩා වැඩි කාලයක් ‍ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා ඩී.ආර්.බී. දිසානායක මහතාට මෙවර ආරාධනය කර ඇත්තේ මධ්‍යස්ථ විනිශ්චයකරුවකු ලෙසිනි.

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන දිසානායක මහතා හොකී ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව මාතලේ දිස්ත්‍රික් පාසල්, මාතලේ දිස්ත්‍රික්, මධ්‍යම පළාත් සහ මාතලේ පාර්ක් ක්‍රීඩා සමාජය නියෝජනය කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment