Home දේශීය පුවත් දිවි ඇති තෙක් හිරේ දැමූ හෙරොයින් සැකකරු අභියාචනයෙන් නිදහස් වෙයි

දිවි ඇති තෙක් හිරේ දැමූ හෙරොයින් සැකකරු අභියාචනයෙන් නිදහස් වෙයි

by Hela news

හෙරොයින් ග්‍රෑම් 9.64 ක් සිය සන්තකයේ තබා ගැනීම සහ වෙ‍ෙළඳාම කිරීමේ චෝදනාවන්ට වරදකරු කර කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබ සිටි පුද්ගලයකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

මෙම විත්තිකරුට එරෙහිව පැවති නඩු විභාගයේදී මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ලබා දුන් සාක්කි පිළිබඳ විශ්වසනීයත්වයක් තැබිය නොහැකි බව අධිකරණය තීන්දු කරමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය කරන ලදී.

මෙලෙස නිදහස් කරනු ලැබූයේ කොළඹ 14 , පදිංචි අසංක ප්‍රනාන්දු හෙවත් සංජීව නමැත්තාය.

තමන්ට දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු ගොනු කර තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශය පත් කෙරිණි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිරංජන් ජයසිංහ මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.නවාවි මහතා පෙනී සිටියේය.

0 comment
0

Related Posts

Leave a Comment