Home ක්‍රීඩා පුවත් දිල්ලි කැපිටල්ස් ට ජය

දිල්ලි කැපිටල්ස් ට ජය

by Hela news

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා කඩුලු 8කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වී තිබේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 134ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී කගිසෝ රබාඩා කඩුලු තුනක් දවාගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

එම ඉනිම වෙනුවෙන් ශියාර්ස් අයියර් නොදැවී ලකුණු 47ක් සහ නායක රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 35ක් ලබාගැනීමට සමත් වුණි.

0 comment
0

Related Posts

Leave a Comment