Home විදෙස් පුවත් දිල්ලියේ වායු දූෂණය අතිශය අවදානම් තත්ත්වයක

දිල්ලියේ වායු දූෂණය අතිශය අවදානම් තත්ත්වයක

by Hela news

ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය, අතිශය අවදානම් තත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම නිසා නගරයේ දෛනික වැඩ කටයුතු රැසක් අත්හිටුවා ඇති බවයි. නගරයේ පාසල් දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු ලබන 21 දක්වා අත්හිටුවා තිබේ.

  එසේම, නගරයේ ගල් අඟුරු බලාගාර 11න්, 6ක්ම වසා දමා ඇත. අත්‍යවශ්‍ය නොවන ලොරි රථවලට නගරයට ඇතුල්වීම ද තහනම් වේ.  දීපවාලි උත්සවයෙන් අනතුරුව දිල්ලි අගනුවර වායු දූෂණය විශාල ලෙස ඉහළ ගිය අතර නගරයේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ඇති දූෂකකාරක අංශු ප්‍රමාණය, ඒකකයට අංශු 400ක් දක්වා ඉහළ අගයක් ගන්නා බව සදහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව එය තිබිය යුතු වන්නේ 50ට අඩුවෙනි. ගොවීන් කෘෂි අපද්‍රව්‍ය ගිනි තැබීම හා දීපාවලී උත්සවයට සිදු කෙරෙන ගිනි කෙලි මෙලෙස වායු දූෂණය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වේ.

0 comment
0

Related Posts

Leave a Comment