Home විදෙස් පුවත් දියණිය දූෂණය කරන බවට කෝලිට තර්ජනය කළ පුද්ගලයෙක් අල්ලයි

දියණිය දූෂණය කරන බවට කෝලිට තර්ජනය කළ පුද්ගලයෙක් අල්ලයි

by Hela news

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ දසමස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එම පුද්ගලයා මේ තර්ජනය සිදු කර ඇත්තේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය පිල අසාර්ථක වීම හේතුවෙන් බවත් වැඩි දුරටත් වාර්තා වේ.

තර්ජනය කළ පුද්ගලයා පෙරේදා ඉන්දියාවේ හයිද්‍රබාද් නුවර දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ට්විට්ර් වෙබ් අඩවිය ඔස්සේ ඔහු විරාට් කෝලිට සහ බිරිඳ බොලිවුඩ් සිනමා නිලි අනුෂ්කා ෂර්මාට මේ තර්ජනය කර ඇතැයි හයිද්‍රබාද් පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට පත් වූයේ 23 හැවිරිදි හයිද්‍රබාද් නුවර පදිංචිකරුවෙකි. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කෝලිගේ කළමනාකරු විසින් පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුවය.

0 comment
0

Related Posts

Leave a Comment