Home විදෙස් පුවත් දින 18කට පෙර අතුරුදන් වූ දැරිය හමු වෙයි

දින 18කට පෙර අතුරුදන් වූ දැරිය හමු වෙයි

by Hela news

බටහිර ඔස්ට්‍රේලියාවේදී මීට දින 18කට පෙර අතුරුදන් වූ සිව් හැවිරිදි ක්ලියෝ ස්මිත් දැරිය නිරුපද්‍රිතව සොයා ගැනීමට ඔස්ට්‍රේලියා පොලිසිය සමත් විය. ඇගේ නිවෙසේ සිට සැතපුම් 30ක් පමණ දුරින් පිහිටි කාර්නවොන් නමැති නගරයේ අගුළු ලා තිබූ පාළු නිවසකිනි.

එම නිවෙසේ විදුලි බුබුළක් දැල්වෙමින් තිබූ කුටියක දැරිය සිටි බවත්, අවදියෙන් සිටි ඇය ඒ මොහොතේ සෙල්ලම් බඩු කිහිපයක් සමග සෙල්ලම් කරමින් සිටි බවත් එම ස්ථානයට පළමුව ගිය පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. දැරියගෙන් ප්‍රශ්න කිරිමට පර්ත් නුවර සිට විශේෂඥ කණ්ඩායමක් පැමිණීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ. වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා දැරිය රෝහල්ගත කර ඇති අතර, ඇගේ ශරීර සෞඛ්‍යය යහපත් තත්ත්වයක පවතින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

දැරිය පැහැරගැනීමට සැක පිට 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පොලිසිය තුළදී තුවාල සිදු කරගැනීමට උත්සාහ කිරීම නිසා රෝහල්ගත කර ඇත. අදාළ පුද්ගලයාට දැරියගේ පවුලේ සාමාජිකයන් සමඟ කිසිදු සම්බන්ධතාවක් නැති බව දැනට සිදු කර ඇති විමර්ශනවලින් හෙළි වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment