Home උණුසුම් පුවත් දින 10යේ ඇඳිරියෙන් කෝටි 500ක සුරාබදු අහිමි වෙයි

දින 10යේ ඇඳිරියෙන් කෝටි 500ක සුරාබදු අහිමි වෙයි

by Hela news

දින 10ක් පුරා සුරාසල් වසා දැමීමෙන් පමණක් රජයට රුපියල් කෝටි පන්සියයක ආදායමක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව ගණන් බලා තිබේ.

සුරාසල් වසා දමා තිබෙන එක් දිනකදී පමණක් රජයට රුපියල් කෝටි පනහක ආදායමක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිනමිණ’ට පැවසීය.

වසංගතය පවතින මෙවන් කාලයකදී සුරාසල් විවෘත කර තැබීම අත්‍යවශ්‍ය නැතැයි විවිධ පාර්ශ්ව ප්‍රකාශ නිකුත් කරන මුත් එමඟින් රජයට ලැබෙන ආදායම මෙලෙස අහිමි වීම පොදුවේ ආර්ථිකයට විශාල බලපෑමක් කරන බවද හෙතෙම කීය. සුරාසල් වසා දැමෙන දින දහයකදී රජයට රුපියල් කෝටි පන්සියයක් අහිමි වන්නේ නම් රටේ අනෙකුත් ආර්ථික මර්මස්ථාන වසා දැමීමෙන් රටට වන ආර්ථිකමය පාඩුව කොපමණ දැයි යන්න අමුතුවෙන් කිව යුතු නැතැයිද හෙතෙම සඳහන් කළේය.

රට වසා දමන එක් දිනකදී රටට වන ආර්ථික පාඩුව රුපියල් කෝටි එක්දහස් පන්සියයක් ඉක්මවන බවට මුදල් අමාත්‍යාංශය ගණනය කර තිබෙනවා. සෞඛ්‍යාරක්ෂිත සැලසුමක් යටතේ රට විවෘත කරනවා හැර වෙනත් විකල්පයක් නැතැයිද සුරාබදු දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment