Home කාලීන පුවත් දිනකට ස්ත්‍රී දූෂණ සහ ළමා අපරාධ සිද්ධි 12ක්.

දිනකට ස්ත්‍රී දූෂණ සහ ළමා අපරාධ සිද්ධි 12ක්.

by Hela news

ස්ත්‍රී දූෂණ හා ළමා අපරාධ සිද්ධි 12ක් එක් දිනක් තුළ වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.

මේ නිසා පැය විසිහතර පුරා මව්පියන් දරුවන් කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු බවද හෙතෙම යක්කලමුල්ලේ උඩුමලගල ඓතිහාසික ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකදී පෙරේදා (18) කීවේය.

පසුගිය 17 දා ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිද්ධි 12ක් වාර්තා වී තිබූ බවත් මේ 12 දෙනාම වයස අවුරුදු 16ට අඩු දරුවන් බවත් හෙතෙම කීවේය. මින් දරුවන් 6 දෙනකු ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් අපචාරයට ගොදුරු වී ඇති අතර, තවත් 6 දෙනකු බලහත්කාරයට ලක්ව තිබෙන බවත් පැවසීය.

ඇතැම් සිද්ධියක් 2009 සිදුව ඇති නමුත් වාර්තා වී ඇත්තේ පසුගිය 17 දා බවද මේ දරුවන් අතර වයස අවුරුදු 4ක දරුවකුද අපයෝජනයට ලක්ව සිටින බවද කීවේය. පියා විසින් දරුවන් දෙදෙනාම දූෂණය කිරීමේ සිද්ධියක්ද මේ අතර ඇති බවත් අවධාරණය කළ හෙතෙම පැය 24 පුරා දරුවන් ගැන අවධානය ඉතා වැදගත් බවත් කීවේය.

0 comment
0

Related Posts

Leave a Comment