Home දේශීය පුවත් දිනකට ශ්‍රී ලංකාව ආහාර ටොන් 5,000ක් විසි කරනවලු

දිනකට ශ්‍රී ලංකාව ආහාර ටොන් 5,000ක් විසි කරනවලු

by Hela news

පිසූ හා නොපිසූ ආහාර ටොන් 5,000ක් දෛනිකව අපේ රටේ අපතේ හරින බව ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ නවතම වාර්තා මඟින් අනාවරණය කොට තිබේ.

2030 වර්ෂය වන විට මෙම ප්‍රමාණය සියයට 50කින් එනම් ආහාර මෙට්‍රික් ටොන් 2,500 දක්වා අවම කිරීමේ ඉලක්කයක අප රට සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනය ඊයේ (29) යෙදී තිබූ අතර ඊට සමගාමීව පරිසර අමාත්‍යාංශයේ දී සූම් තාක්ෂණය ඔස්සේ පැවැති වැඩසටහනක් අමතමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

ලෝකයේ මිනිස් පරිභෝජනයට නිෂ්පාදනය කෙරෙන ආහාරවලින් තුනෙන් එකක් අපතේ යන බවත් එමඟින් හෙළිදරව් කොට ඇති බවත් ශ්‍රී ලංකාවේද නිෂ්පාදනය කෙරෙන භෝගවලින් සියයට 40ක් අපතේ යන බව හෙළිව ඇති බවත් අමාත්‍යවරයා කීවේය. 2019 වර්ෂයේදී ආහාර ඌනතාවයෙන් පෙළුණු ජනගහනය මිලියන 118ක් වූ අතර කොවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන් 2020 අවසන් වන විට එම ප්‍රමාණය මිලියන 768 දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. ලෝකය පුරා ආහාර අපතේ යාම නිසා සිදුවන ආර්ථික අලාභය ඩොලර් බිලියන 939ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එබැවින් ලෝකයේ සියලු රටවල් ආහාර අපතේ යාම වැළක්වීමට පියවර ගනිමින් සිටින බවත් ප්‍රකාශ කළේය.

0 comment
0

Related Posts

Leave a Comment