Home උණුසුම් පුවත් දශක දෙකහමාරක් නොවිසඳුණු ගුරු-විදුහල්පති ගැටලු විසඳීමට මැදිහත් වූ රජයේ සියලු පාර්ශ්වවලට තුති

දශක දෙකහමාරක් නොවිසඳුණු ගුරු-විදුහල්පති ගැටලු විසඳීමට මැදිහත් වූ රජයේ සියලු පාර්ශ්වවලට තුති

by Hela news

දශක දෙකහමාරක කාලයක් තිස්සේ නොවිසඳුණු ගුරු-විදුහල්පති ගැටලු විසඳීමට රජයක් ලෙස මැදිහත් වූ සියලු පාර්ශ්වයන්ට විෂයභාර ඇමැතිවරයා ලෙස තමා තුති පුද කරන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ දුෂ්කරතා මධ්‍යයේ වූවද මෙම ගැටලුව විසඳීමට එකඟතාව දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ට සහ මීට දායකත්වය දැක්වූ රජයේ සියලු මැති-ඇමැතිවරුන්ට සිය ස්තූතිය පළකරන බවයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත ගුරු-විදුහල්පති වෘත්තීය සමිති කැඳවා පැවැති සාකච්ඡා ඔස්සේ ගැටලුවට විසඳුම් නි⁣ර්දේශ කිරීමත්, ඒ ඔස්සේ යමින් වැටුප් විසමතාවන් නිරාකරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එකවර දීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියාකිරීම අගය කරන බවද ඇමැතිවරයා සිය නිවේදනයෙන් පවසයි. හතළිස් තුන් ලක්ෂයකට අධික දරු-දැරියන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත වීමත්, දෙලක්ෂ විසිපන්දහසකට අධික ගුරුවරුන්ගේ ගැටලු විසඳීමටත් මේ ඔස්සේ හැකියාව ලැබෙන බවත් දැන් සියලු වෘත්තීය සමිති එක්ව දරුවන්ගේ අනාගතය සුරැකීමට එක්වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇමැතිවරයා තවදුරටත් පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment