Home කාලීන පුවත් දරුවා අඩන විට කදුළු එන්නේ නැත්තම් භයානකයි

දරුවා අඩන විට කදුළු එන්නේ නැත්තම් භයානකයි

by Hela news

කොවිඩ් දරුවෙකු බලා ගන්නා විට මේවා ගැනත් සැළකිලිමත්වන්න
කොවිඩ් රෝගයට ගොදුරු වන දරුවන් මේ වෙද්දි නිවසේ සිට රැක බලාගැනීමේ තීන්දුවක් ගෙන තියෙනව. දරුවන් එලෙස නිවස තුළ රැක බලාගැනීම පිළිබඳ දෙමව්පියන් ඉන්නෙ දෙගිඩියාවකින්. එවැනි තීන්දුවක් ගැනීමට බලපෑම් කරපු සාධක මොනවද?

දැන් දැන් කොවිඩ් වයිරසය ආසාදනය වී රෝගී වන දරුවන් විශාල වශයෙන් වාර්තා වෙනවා. මේ රෝගී දරුවන් සියලුම දෙනා රෝහල් ගත කර බලා ගැනීමට අපට හැකියාවක් නැහැ. බොහෝ ළමයින්ට කොවිඩ් පොසිටිව් වෙනවා කියන්නේ හුඟාක් අමාරුවෙන තත්ත්වයක් නෙවෙයි. ඒත් වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවෙකුට කොවිඩ් වයිරසය අසාදනය වුණොත් ඒ දරුවා නිවසේ සිට රැකබලා ගන්න අපහසුයි.

එවැනි දරුවන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවිය යුතු නිසා, රෝහල් තුළ ඉඩකඩ ලබාදීම අනිවාර්ය කරමින් වෙනත් රෝග තත්ත්වයන් නොමැති කොවිඩ් ආසාදිත දරුවන්ව නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබා දීමට තීරණය කර තියෙන්නෙ.

මෙතැනදී ඔබ වෙනත් රෝග තත්ත්ව කියා හැඳින්වූයේ මොනවගේ රෝගයන්ද?

අපේ දරුවන් සමහර අයට ඇදුම, දියවැඩියාව, වකුගඩු රෝග, අධික ස්ථූලභාවය, හෘදයේ යම් යම් රෝග තත්ත්වයන් වගේ විවිධ රෝගයන් පවතිනවා. මෙවැනි දරුවන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුණොත් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබා දීමට අවසර ලබා දෙන්නේ නැහැ.

COVID-19 in Kids: A Guide On How To Identify Coronavirus Symptoms in Children

එතනදි එවැනි නිධන්ගත රෝග නැති සියලු දරුවන් නිවසේදී රැක බලාගැනීමට අවසර හිමිවෙනවද? ඒ දරුවන් ගැන තීරණය වෙන්නෙ කොහොමද?

උණ, කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි ලක්ෂණ පමණක් තියෙන, ඔක්සිජන් මැනබැලීමේ උපකරණයන් තිබෙන, දරුවන්ගෙ රුධිරයේ ඔක්සිජන් මට්ටම සියයට 96ට වඩා වැඩියෙන් පවතින දරුවන් තමයි ගෙදර තියා ගෙන බලා ගැනීමට අවසර හිමි වෙන්නේ.

මෙවැනි දරුවෙක් රැක බලා ගැනීමේදී නිවසේ තිබිය යුතු පහසුකම් මොනවාද?

ආසාදිත දරුවාව රඳවා තැබීමට නිවසේ හොඳින් වාතාශ්‍රය ලැබෙන කාමරයක් තිබිය යුතුය. ආසාදිත දරුවාටම භාවිත කළහැකි වැසිකිළියක් තිබේනම් වඩාත් හොඳයි. දරුවාව හොඳින් බලා ගත හැකි නිරෝගි පුද්ගලයෙක් වෙන්විය යුතුයි.

යම් හේතුවකින් දරුවාගේ රෝග තත්ත්වය උත්සන්නවීමෙන් රෝහල් ගත කිරීමට අවශ්‍ය වුවහොත් නිවස අසලට ගිලන් රථයකට ළඟාවිය හැකිවන පාරක් තිබිය යුතුය. තොරතුරු හුවමාරු කර ගැනීමට දුරකථන පහසුකම් තිබිය යුතුයි. මෙවැනි කාරණාවන් සම්පූර්ණ කළ හැකි නම් එවැනි නිවාසවල තමයි දරුවෙක් රැකබලා ගැනීමට අවසර හිමි වෙන්නෙ

0 comment
0

Related Posts

Leave a Comment