Home කාලීන පුවත් දරුවන් සියදිවි නසාගැනීම වළක්වාගත හැකිවන්නේ කෙසේද

දරුවන් සියදිවි නසාගැනීම වළක්වාගත හැකිවන්නේ කෙසේද

by Hela news

ආවේග සහ හැඟීම් පාලනය කිරීම සඳහා නිසි අවබෝධයක් ලබානොදීම, දරුවන් සියදිවි නසාගැනීමට පෙළඹීමට හේතුවක් බව ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.

ඇය ප්‍රකාශ කළේ දරුවාගේ මානසික තත්ත්වයන් හඳුනාගනිමින් දෙමව්පියන් සෘජුව ඒ සම්බන්ධයෙන් දරුවා සමග අදහස් හුවමාරුකර ගැනීමෙන් ආවේග හසුරුවා ගැනීමට හැකියාව පවතින බවය.

“දරුවා සියදිවි නසා ගන්නවා කියන්නේ දරුවා, දරුවාගේ ප්‍රශ්නෙකට පිළිතුරක් සොයාගන්න තැන. සමහරවිට දරුවාගේ මානසික කැළඹීමක් දරුවාගේ වික්ෂිප්තභාවයක් ඩිප්‍රේශන් තත්ත්වයක් නිසාත් විය හැකි. නැත්නම් දරුවාගේ යම් අභිමතාර්ථයක් කෙසේ හෝ ලබාගැනීමේ චේතනාවෙන් කරනවා වෙන්නත් පුළුවන්. නමුත් දරුවෙකුට තේරුම්කරලා දෙනවානම් ඊට පෙර ඔයාට ඒ දේවල්… ඒ ගෙම්ස් ගහන්න ලැබෙන්නේ නෑ  කියලා. අනිවාර්යෙන්ම අපි ළමයින්ට මේ ආවේග කියලා දෙන්න අවශ්‍යයි. ආවේග හැඟීම් පාලනය කරගන්න අපි දරුවාට උදව් කරන්න අවශ්‍යයි.”

0 comment
0

Related Posts

Leave a Comment