Home උණුසුම් පුවත් දරුවන් පාසල් එවන්න බයවෙන්න එපා

දරුවන් පාසල් එවන්න බයවෙන්න එපා

by Hela news

සෑම පාසලක් ගැනම සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන්

රජය සහ සෞඛ්‍ය අංශ කෙතරම් ක්‍රියත්මක වුවත් මහජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් කොවිඩ් සිව් වැනි රැල්ලක් ආරම්භ වීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංමගයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පවතින තත්ත්වය ගැන මාධ්‍ය හමුවේ සිය අදහස් දක්වමිනි.

මේ වන විට මෙරට පුරවැසියන්ගෙන් 61% ක ප්‍රමාණයක් සඳහා කොවිඩ් එන්නත ලබා දී අවසන් කර ඇති අතර කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් අවස්ථා කීපයකදීම රට වසා දැමීමටද කටයුතු කළේය.

රටේ කොවිඩ් සිව් වැනි රැල්ලක් නිර්මාණය වීමට ඉඩ ඇතිද කියා ඇතැමුන් විමසන බව සභාපතිවරයා සඳහන් කළේය. රජය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ කෙතරම් ක්‍රියාකාරීව මහන්සි වී කටයුතු කළත් ජනතාව වගකීම් විරහිතව හැසිරෙන්නේ නම් කොවිඩ් සිව් වැනි රැල්ලක් රට තුළ නිර්මාණය වීම කෙසේවත් වැළැක්විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට මහජනතාව සමාජය තුළ කටයුතු කරන්නේ වගකීම් විරහිතව බව කනගාටුවෙන් වුවත් පැවසිය යුතුයි.එය පොදු ප්‍රවාහන සේවාවන් තුළ දී විශේෂයෙන්ම දැකගත හැකිය.

පසුගිය දවස්වල පාසල් කීපයකින් කොවිඩ් ආසාදිත දරුවන් වාර්තාවීම නිසා දරුවන් පාසල් එවීමට දෙමාපියන් තුළ බියක් ඇතිවී තිබෙන බවත්, නමුත් සෑම පාසලක් ගැනම සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන නිසා සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව දරුවන් පාසල් එවීමට බිය නොවිය යුතු බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment