Home කාලීන පුවත් දරුවන් ඇපයට තබා ස්ටාලින්ලා සිව් වන කොරෝනා රැල්ල ඇති කළා

දරුවන් ඇපයට තබා ස්ටාලින්ලා සිව් වන කොරෝනා රැල්ල ඇති කළා

by Hela news

ඇමැති සී.බී රත්නායක

මෙරටේ දරුවන් ඇපයට තියා ජෝශප් ස්ටාලින්ලා හතර වන කොරෝනා රැල්ල ඇති කළ බවත්, එම අභියෝගයට මුහුණ දෙමින් සිටියදී රට වහන ලෙස පැවැසුවත් දැන් රට අරින ලෙස පවසන බවත් වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී. බී. රත්නායක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කොත්මලේ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමැතිවරයා මෙසේ ද කීය.

“යුද්ධය කවදාවත් දිනන්න බෑ කිව්ව අයට උත්තරයක් දුන්නේ රාජපක්ෂවරුන්. මිනිස් ජීවිත ආරක්ෂා කර රට එක්සේසත් කළා. ලෝකයේ නිදහස්, නිවහල් සහ බියක් සැකක් නැති රටක් බවට පත් කළා. කොතරම් අමාරුකම් තිබුණත් මෙවර අය වැයෙන් ගම හදා රට හදන වැඩපිළිවෙළකට තමයි රජය යන්නේ. මේ වැඩපිළිවෙළකට යෑමේදී ගමේ නියෝජිතයන්ට තමයි එම වගකීම පැවරෙන්නේ.

ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ අභියෝගය භාර ගත්තේ ඒ මහතාගේ ඉදිරි දේශපාලන ගමන බලාපොරොත්තුවෙන් නොවේ. මේ රටේ ආර්ථිකය වැටී තිබෙන වෙලාවක අපි රට ගොඩ ගන්නවා, රට හදනවා යන සංකල්පයත් සමඟ ඉස්සරට එන්න තමයි ඒ මහතා භාර ගත්තේ.

0 comment
0

Related Posts

Leave a Comment