Home විදෙස් පුවත් දකුණු කොරියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාගත වැඩි වීමක්,

දකුණු කොරියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාගත වැඩි වීමක්,

by Hela news

එක් දිනක් ඇතුළත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් පෙරේදා දිනයේ දකුණු කොරියාවේ කොවිඩ් ආසාදිතයන් 5,123ක් වාර්තා වූ බව එරට වසංගත රෝග පාලනය හා වැළැක්වීමේ ඒජන්සි නිවේදනයක් උපුටා දක්වමින් සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය. එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,658 දක්වා ඉහළ දමමින් නව මරණ 34ක් ද වාර්තා වී තිබේ. මීට අමතරව තවත් කොවිඩ් රෝගීන් 723 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් සීඑන්එන් පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කළේය.

පෙරේදා වාර්තා වූ නව රෝගීන්ගෙන් අවම වශයෙන් දෙදෙනකු ඔමික්‍රොන් නව ප්‍රභේදය ආසාදනය වූවන් බවට සැක කෙරේ. ඔමික්‍රොන් තර්ජනයට මුහුණ දීම සඳහා දකුණු කොරියාවේ කාර්ය සාධක බළකායක් ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

මේ වන විට දකුණු කොරියාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4,52, 350ක් වේ. එරට ජනගහනයෙන් අවම වශයෙන් කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ගත් ප්‍රමාණය ඊයේ වන විට 82.9% ක ප්‍රතිශතයක් පෙන්නුම් කරන අතර, ඉන් 79.9%ක ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් බව සඳහන් වේ.

0 comment
0

Related Posts

Leave a Comment