Home ක්‍රීඩා පුවත් දකුණු අප්‍රිකාවට ලකුණු 144 ඉලක්කයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 144 ඉලක්කයක්

by Hela news

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබාගත්තේය.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එවින් ලුවිස් ලකුණු 56ක් රැස් කළ අතර නායක කයිරන් පොලා(ර්)ඩ් ලකුණු 26ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 3ක් දවාගත් අතර කේෂව් මහාරාජ් කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව, තරඟය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට 144ක ඉලක්කයක් හිමිව තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment