තෙල් මිලේ වැඩි වීමක් නෑ – බලශක්ති ඇමැති

0
325

ඉදිරි මාස 03ක කාලය තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට රජයේ කිසිදු සූදානමක් නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල අවසන් වරට ඉහළ නංවා ඇත්තේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී යහපාලන රජය විසින් බවත් වත්මන් රජය යටතේ මෙතෙක් ඉන්ධන මිල ඉහළ නංවා නොමැති බව ද සඳහන් කළේය. ඉන්ධන මිල මේ වන විට අන්තර්ජාතික වෙළඳ පොළේ ඉහළ ගොස් ඇති නමුත් ඉන්ධන මිල පාලනය කිරීමට වත්මන් රජය කටයුතු කර ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here