Home ව්‍යාපාර පුවත් තිරසර රථ වාහන විද්යුත්කරණයකට CMTA වෙතින් ආණ්ඩුවට යෝජනා

තිරසර රථ වාහන විද්යුත්කරණයකට CMTA වෙතින් ආණ්ඩුවට යෝජනා

by Hela news

ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙඳ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සංචලතාවයේ අනාගතය නියෝජනය කරන විද්යුත් රථ වාහන (Electric Vehicles – EVs) පිළිබඳ ආණ්ඩුවේ දැක්ම වෙනුවෙන් සිය අභිමත‍ය පළ කරයි. විමෝචනය අඩු කිරීමේ සහ ඉන්ධන ඉතිරි කිරීම අතින් විද්යුත් රථ වාහන වාසිදායක බව ඉතා පැහැදිලියි. නමුත් අභ්‍යන්තර දහන එන්ජින්වලින් විද්යුත් රථ වාහන වෙත මාරු වීම එනම් විද්යුත්කරණය පිළිබඳ CMTA අනතුරු අගවයි. එනම් මේ විද්යුත්කරණය ආණ්ඩුව, පාරිභෝගිකයන් සහ කර්මාන්තයේ යහපත වෙනුවෙන් විධිමත් සැලසුමකින් සහ විධිමත් තීන්දු තීරණ ගැනීමකින් කළ යුතු බව CMTA දක්වයි.

අන්තර්ජාතික විද්යුත් වාහන නිෂ්පාදකයන්ට ප්‍රවේශය ඇති ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම සංගමය වශයෙන් CMTA විද්යුත් රථ වාහන නැවත ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පෙර ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති දැයි පිළිබඳ සිය අවධානය යොමු කරන ලදි. මේ සම්බන්ධව ගෝලීය නිෂ්පාදකයන්ගේ උපදෙස් අනුව යමින්, CMTA විසින් KPMG ආයතනය සමඟ විද්යුත් රථ වාහනවල තිරසර හඳුන්වා දීම ඇතුළු විවිධ කාරණා පිළිබඳ ආවරණය කරමින් සවිස්තරාත්මක රථ වාහන කර්මාන්ත මාර්ග සිතියමක් එළි දැක්වීමට තීරණය කරන ලදි. මේ මාර්ග සිතියම මෝටර් රථ කර්මාන්තය පිළිබඳ විශේෂඥ උපදෙස් සඳහා ආණ්ඩුවේ බලධාරීන් වෙත ඉදිරිපත් කෙරේ.

0 comment
0

Related Posts

Leave a Comment