Home කාලීන පුවත් තැපැල්කරුවන් ගැනත් හිතන්න

තැපැල්කරුවන් ගැනත් හිතන්න

by Hela news

කම්කරුවා ගැන ගිරිය පුප්පාගෙන කොළඹ රැලිවලදී වේදිකාවලදී කෑගසන්නට 2021 මැයි 01 දිනට යෙදුණු කම්කරු දිනයේදී ඉඩහසර නොලැබිණි. කම්කරු නයුවෝ ඒ අවස්ථාව නොලැබීම ගැන කනස්සලු වනු ඇත.

මම කම්කරු නායකයෙක් නොවෙමි. එහෙත් සතියට දින 06ක් අප නිවස ඉදිරියට බයිසිකලයෙන් පැමිණි සීනුව (බෙල් එක) නාද කරන දහඩිය හෙළන කම්කරුවකු ගැන ලියන්නට දෙවන වරටත් මට සිත් විය.

ඒ දිවයිනේ ඕනෑම කෙළවරක සිට දින දෙක තුනක් ඇතුළත අපට ලියුම් රැගෙන එන ‘තැපැල් පියුන්’ ලෙස සලකන ලියුම් බෙදන්නා ගැනය. එදා මෙදාතුර ලියුම් බෙදන්නා කඳුගැට බයිසිකලය තල්ලු කරගෙන, හති හලමින් උදෑසන 9.30ට පෙර අප නිවෙස්වලට එන කම්කරුවා වන ඔහු ගැන කතා කරන්නේ ඔහුගේ ඉල්ලීමක් නිසා නොව කතා කළ යුතු දෙයක් නිසාය. කම්කරු ජීවිතයේ දුක්ඛිත රැකියා අතර, එකක් වන ඔහුගේ රැකියාව වරුකුළක් ලෙස බයිසිකලයක් වෙනුවට ‘යතුරුපැදියක්’ ලබා දෙන ලෙස දිනමිණ ‘ජනතා මණ්ඩපය’ හරහා ඉල්ලා සිටින්නේ දෙවන වරටය.

දුප්පතාගේ වාහනය වන බයිසිකලය සැතපුම් ගණන් පදින ලියුම් බෙදන්නාට එදා මෙදාතුර අවධානයක් යොමු නොවූ බව අපගේ මතකයයි. රු. 15.00 මුද්දරයෙන් ශ්‍රී ලංකාවේ උතුරු කොණේ සිට දකුණු කොණට ලිපියක් ලැබෙන විට ශ්‍රමය, දහඩිය වැඩියෙන්ම වගුරවන්නේ අප මේ කියන ‘ලියුම් බෙදන්නා’ බව අපට දැනේ, හැඟේ, පෙනේ.

‘සෞභාග්‍යයේ දැක්මක්’ ඉදිරිපත් කර ඇති ජනපතිඳුනි! අගමැතිඳුනි, තැපැල් ඇමතිඳුනි! තැපැල්පතිතුමනි ! අපගේ මේ ආයාචනය ‘හඬක්’ නොනැඟෙන අසරණ තැපැල් බෙදන්නා වෙනුවෙනි. කන් ඇත්තෝ අසත්වා! ඇස් ඇත්තෝ දකිත්වා! බලත්වා! කියවත්වා!

0 comment
0

Related Posts

Leave a Comment