Home විදෙස් පුවත් තායිවානය චීනයට අනතුරු අඟවයි

තායිවානය චීනයට අනතුරු අඟවයි

by Hela news

තම රට ආක්‍රමණය කිරීමට චීනය සූදානම් වන ඕනෑම අවස්ථාවක තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකාව සහ තවත් කලාපීය රටවල් ඉදිරිපත් වනු ඇතැයි තායිවාන ජනාධිපතිනිය ට්සායි ඉන්ග් වෙන් විශ්වාසයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සීඑන්එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තායිවාන ජනාධිපතිනිය කියා සිටියේ සිය රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධව දැනටමත් අමෙරිකාවේ අවධානය යොමු වී ඇති බවය.

‘තායිවානය හුදෙකලා භූමියක් නෙවෙයි. අප ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අප නිදහසට ගරු කරනවා. අප සාමයට ප්‍රිය ජාතියක්. එවැනි වටිනාකම් අප බොහෝ රටවල් සමඟ බෙදා හදා ගනිමිනුයි සිටින්නේ. කලාපීය වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් අප සියලුදෙනාම එකමුතුව සිටිනවා.‘ ඇය සීඑන්එන් පුවත් සේවයට වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

පසුගිය කාලය පුරා චීන ගුවන් ප්‍රහාරක යානා තායිවානයේ ගුවන් සීමා උල්ලංඝනය කළ අවස්ථා රැසක් වාර්තා වූ අතර, එරට මාධ්‍ය වාර්තා කළේ මෙවැනි තත්ත්වයක් මත ඕනෑම මොහොතක චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බවය.

0 comment
0

Related Posts

Leave a Comment