Home විදෙස් පුවත් තායිවානයෙන් චීනයට එරෙහිව චෝදනාවක්

තායිවානයෙන් චීනයට එරෙහිව චෝදනාවක්

by Hela news

තම ගුවන් ආරක්ෂක කලාපයට චීන ප්‍රහාරක යානා ඇතුළු වූ බවට තායිවානය චෝදනා කරයි.

තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ චීනයට අයත් ප්‍රහාරක යානා සහ න්‍යෂ්ටික බලැති බෝම්බ හෙළන යානා සිය ගුවන් සීමාව උල්ලංඝණය කළ බවය.

චීනයේ ප්‍රහාරක යානා තම ගුවන් කලාපයට පිවිසෙන බවට පසුගිය වසර පුරා කිහිපවරක් තායිපේ බලධාරීන් චෝදනා කළේය.

නමුත් චීනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
 
චීනය පවසන්නේ තායිවානය තම රටට අයත් පළාතක් බවය.

නමුත් තම රට ප්‍රජාතන්ත්‍රවාදී, ස්වාධීන රාජ්‍යයක් බව තායිවානය පවසයි

0 comment
0

Related Posts

Leave a Comment