Home විදෙස් පුවත් තායිවානයෙන් අලුත් එන්නතක්

තායිවානයෙන් අලුත් එන්නතක්

by Hela news

තායිවානය නිෂ්පාදනය කළ සිය පළමු කොවිඩ් මර්දන එන්නත භාවිතයට එක් කිරීමට පියවර ගෙන ඇත.

එරට සෞඛ්‍ය අංශය විසින් කඩිනමින් අනුමැතිය දීම පිළිබඳ විවේචන එල්ල වෙමින් තිබෙන මොහොතක එම එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට තායිවාන රජය තීරණය කර ඇත. මෙඩිජෙන් නමින් හැඳින්වෙන මේ එන්නත පසුගිය මාසයේ හදිසි භාවිතය සඳහා අනුමත කර ඇතත් තවමත් එය පරීක්ෂණ මට්ටමේ පවතින බවටත්, එහි සායනික පරීක්ෂණ සම්පූර්ණ කර නැති බවටත් චෝදනා එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

කෙසේ වෙතත් එරට ජනතාව දෙගිඩියාවට පත් වීම සහ එම එන්නත බෙදාහැරීමේ දී උද්ගතව ඇති ප්‍රමාදය නිසා එහි ඉදිරි කටයුතුවලට බාධා පැන නැගී ඇතැයි ද වාර්තා වේ.

ජනතාව තුළ ඇති දෙගිඩියාව මඟ හරවා දැමීමේ අරමුණින් පසුගියදා තායිවානයේ ජනාධිපතිනි ට්සායි ඉංග් වෙන් මෙඩිජන් කොවිඩ් මර්දන එන්නත විද ගනිමින් සිය ජනතාව දිරිමත් කළාය.

මෙඩිජන් කොවිඩ් මර්දන එන්නත පිළිබඳ අවසන් සායනික පරීක්ෂණය මේ වසර අගභාගයේ පැරගුවේහිදී සිදු කිරීමට නියමිතය

0 comment
0

Related Posts

Leave a Comment