Home විදෙස් පුවත් තවත් රටවල් 5ක් කොවැක්සින් පිළිගනී

තවත් රටවල් 5ක් කොවැක්සින් පිළිගනී

by Hela news

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නත තවත් රටවල් 5ක පිළිගැනීමකට ලක් වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කළ බව වාර්තා වේ. පසුගියදා නිමාවට පත් වූ ජී20 සමුළුවේදී ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් ශ්‍රින්ග්ලා තම රටේ නිපදවනු ලබන කොවිඩ් මර්දන එන්නත පිළිගැනීමකට ලක් කරන ලෙස ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව එස්ටෝනියාව, කිර්ගිස්තානය, පලස්තීනය, මොරිෂස් සහ මොංගෝලියාව මේ වන විට ඉන්දීය කොවිඩ් මර්දන කොවැක්සින් එන්නත පිළිගැනීමකට ලක් කර ඇතැයි එරට පුවත්පත් වාර්තා කළේය. ඉදිරියේදී සිය එන්නත සම්බන්ධව යුරෝපා හවුලේ නියෝජිතයන් සමඟ ද විශේෂ සාකච්ඡාවක් කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

මීට පෙර එවැනි පිළිගැනීමකට ලක් වූ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රසෙනෙකා කොවිඩ් මර්දන එන්නත සමඟ කොවැක්සින් එන්නත ද අන්තර්ජාතික පිළිගැනීමකට ලක් වීම ඉන්දියාවේ මෙන්ම බොහෝ රටවල එම එන්නත් භාවිත කළ පුද්ගලයන්ට ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසකට ඇතුළුවීමට අවස්ථාව ලබා දීමක් බව ද වාර්තා වේ.

පසුගිය මාසයේදී හංගේරියාව සහ සර්බියාව ඉන්දීය කොවිඩ් මර්දන එන්නතට අනුමැතිය ලබා දීමට එකඟතාව පළ කර තිබිණි

0 comment
0

Related Posts

Leave a Comment