Home විදෙස් පුවත් තලෙයිබාන් පන්ජ්ෂීර් නිම්නය අල්ලා ගනී

තලෙයිබාන් පන්ජ්ෂීර් නිම්නය අල්ලා ගනී

by Hela news

කාබුල් නුවරට නැගෙහිරෙන් පිහිටි එරට ප්‍රාන්ත හතරෙන් එකක් වන පන්ජ්ෂීර් ප්‍රාන්තයේ සති දෙකක් පුරා පැවැති දරුණු ගැටුමෙන් පසු එම ප්‍රාන්තයේ බලය අත් කරගැනීමට හැකිවූ බව තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් සඳහන් කර තිබේ. මේ ජයග්‍රහණයත් සමඟ සමස්ත ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතු වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

ඊයේ දහවල් වන විට ලොව ප්‍රධානම පුවත් ඒජන්සි එම පුවත ඉහළින්ම වාර්තා කර තිබූ අතර, එය අභියෝගයකට ලක් කරමින් පන්ජ්ෂීර් ප්‍රාන්තය රැක ගැනීමට සටන් කරමින් සිටින තලෙයිබාන් විරෝධී ජාතික පෙරමුණ ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් පරාජය බාර ගැනීමට තවම සූදානම් නැති බවය.

කෙසේ වුවත් ජාතික පෙරමුණේ නායක අහමඩ් මසූඩ් සටන් විරාමයක් ඉල්ලමින් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම සාම සාකච්ඡා සඳහා අවතීර්ණ වීමටද කැමැත්ත පළ කර තිබේ. තලෙයිබාන් සංවිධානය ප්‍රහාර නතර කරන්නේ නම් තමන් ද සටන් නතර කරන බව මසූඩ් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment