Home කාලීන පුවත් තරුණ ව්‍යවසායකයාගෙන් කරන්දෙණියට ම කාබනික පොහොර

තරුණ ව්‍යවසායකයාගෙන් කරන්දෙණියට ම කාබනික පොහොර

by Hela news

දේශීය වශයෙන් කාබනික පොහොර නිපදවීමට කරන්දෙණිය හිපන්කන්ද ප්‍රදේශයේ තරුණ ව්‍යවසායකයකු වන සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා විසින් මුලපුරා තිබේ.හෙතෙම මේ අනූව හෙලජය නමින් කාබනික පොහොර නිශ්පාදනය කිරීම ආරම්භ කර ඇත.මොහු විසින් කාබනික දියර පොහොරද නිපදවනු ලබයි.කරන්දෙණිය ප්‍රදේශයට අවශ්‍ය කාබනික පොහොර කිලෝ ලක්ෂ 02ක් නිපදවීමට දැනට කටයුතු යොදා ඇත.ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් මෙම පොහොර ගුණාත්මක බවින් යුතු පොහොරක් බවට සනාත කර ඇත.මෙහි මුල් නිෂ්පාදනයෙන් කිලෝ 20000ක් ඌරගස්මන්හන්දිය ගොවිජන මධ්‍යස්ථානයට භාරදෙන ලදි.මෙම කාබනික පොහොර ඇනවුමේ වටිනාකම ලක්ෂ 25කි.දැනට රුපියල් ලක්ෂ 02ක මුදලක් ඌරගස්මන්හන්දිය ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් සමන් ප්‍රියන්ත මහතා වෙත ලබා දී තිබේ.මෙහිදි ඌරගස්මන්හන්දිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරිනි ඩි.ජේ.සජානි මහත්මිය මෙම කාබනික පොහොර සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළාය. සමන් ප්‍රියන්ත මහතා කාබනික පොහර ව්‍යාපෘතියක් පටන් ගත්තා.ඔහු අපගෙන් අවශ්‍ය දැනුම ලබාගෙන කාබනික පොහොර සෑදීම ආරම්භ කළා.ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාලු දිස්ත්‍රික් කර්යාලයේ නිලධාරින් විසින් මෙම කාබනික පොහොර පරීක්ෂා කර සහතික කිරීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදෙස් පරිදි මිලදී ගැනීම ආරම්භ කළා.මේ සම්බන්ධව ඔහුට මුදල් ගෙවීමද සිදු කළා.

සමන් ප්‍රියන්ත මහතා මෙසේ කීය.ඉතා සාර්ථකව මම මේ නිශ්පාදන කරනවා. අන් අයත් මේ සඳහා යොමුවුණොත් පිටරටින් පොහොර ගෙන්වන එක නතර කළ හැකියි.මම කාබනික පොහොර නිපදවීම සඳහා ගන්නේ ස්වාභාවික ද්‍රව්‍ය පමණයි.දැනට 10 දෙනකුට රැකියා අවස්ථා ලබාදී තිබෙනවා.මට අමුද්‍රව්‍ය සපයා දීමෙන් ප්‍රදේශයේ පවුල් 50ක් යැපෙනවා.සමන් ප්‍රියන්ත මහතා සමස්ත ලංකා කාබනික පොහොර නිශ්පාදකයන්ගේංගමයේ සභාපතිවරයාද වේ.

0 comment
0

Related Posts

Leave a Comment