Home ක්‍රීඩා පුවත් ඩෙංගු මදුරුවා හෆීස්ව නවත්වයි

ඩෙංගු මදුරුවා හෆීස්ව නවත්වයි

by Hela news

ඩෙංගු මදුරුවකු නිසා ක්‍රීඩකයෙකුට T20 ලෝක කුසලානය අහිමිවීමේ අවදානමක්

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට ඩෙංගු උණ වැලැඳිම හේතුවෙන් මේ මස ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වී යාමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

වත්මන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා මොහොමඩ් හෆීස් වන අතර ඔහුට ලබන මාසයේදී වයස අවුරුදු 41ක් වනු ඇත.

ලාහෝර්හි පිහිටි සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින හෆීස්ගේ ශාරීරික යෝග්‍යතාව ලෝක කුසලාන තරගාවලිය වන විට යහපත් අතට පත්වේදැයි යන්න අවිනිශ්චිත බව වෛද්‍යවරු පවසා තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment