Home ව්‍යාපාර පුවත් ඩීමෝ වෙතින් දේශීය සෞඛ්‍ය ප්‍රවර්ධනයට විසඳුම් රැසක්

ඩීමෝ වෙතින් දේශීය සෞඛ්‍ය ප්‍රවර්ධනයට විසඳුම් රැසක්

by Hela news

ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ විසින්, සෞඛ්‍ය සේවා අංශය හා බැඳුණු සිය විසඳුම් තවදුරටත් පුළුල් කරමින් දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය උදෙසා දෙන දායකත්වය තවදුරටත් පුළුල් කරයි. හෘද වාහිනි උපකරණ සම්බන්ධ ලොව ප්‍රසිද්ධ සන්නාමයන් හඳුන්වා දීම මේ ක්ෂේත්‍රයේ ඩීමෝහි නවතම හඳුන්වා දීමයි. ඩීමෝ සමාගම විසින් ලොව ප්‍රමුඛ අනෙකුත් සන්නාමයන් හා අත්වැල් බැඳ ගනිමින් ශල්‍ය උපකරණ සැපයුම සඳහා ද කටයුතු කර ඇති අතර, Radiology, Cardiology, Ophthalmology, Oncology, Urology, Neonatal care, Critical care, Anaesthesiology ,Cardiovascular සම්බන්ධ පූර්ණ සෞඛ්‍ය විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ඩීමෝ දැන් සන්නද්ධ වී සිටියි.

මේ පිළිබඳ ඩීමෝහි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩ නැංවීම උදෙසා වූ අරමුණ සහිතව ඩීමෝ විසින් ශ්‍රී ලංකාවට අති නවීන පන්නයේ සෞඛ්‍ය සේවා විසඳුම් රැසක් හඳුන්වා දීමට සමත් වුණා. මේ හරහා රෝගීන් හට ඉහළම තත්ත්වයේ සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් අදාළ සේවා සපයන්නන් වෙත දීමට ඩීමෝහි අපට හැකි වීම සතුටට කරුණක්.”

ඩීමෝහි අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීය. ‘‘තෙල්දෙණිය, කඹුරුපිටිය, වව්නියාව, බිබිල, කන්තලේ, දික්ඔය, කින්නියා, මුතූර් සහ රිකිල්ලගස්කඩ වැනි ග්‍රාමීය ප්‍රදේශද ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් Siemens සහ Drager ඇතුළු ලොව ප්‍රසිද්ධ වෙළෙඳ නාමවල සෞඛ්‍ය විසඳුම් අප දී තිබෙනවා. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ චිකිත්සක ප්‍රතිකාර වැඩි දියුණු කරන, Carl Zeiss Multi Spot Green Laser therapeutic microscope ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ ඩීමෝ ආයතනයයි.‘‘

0 comment
0

Related Posts

Leave a Comment