Home ක්‍රීඩා පුවත් ඩි කොක් දණ ගසයි

ඩි කොක් දණ ගසයි

by Hela news

පසුගිය දකුණු අප්‍රිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති 20/20 ලෝක කුසලාන තරගයට සහභාගී නොවූ ක්වින්ටන් ඩි කොක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම තරගය පසුගිය අඟහරුවාදා පැවැත්වුණු අතර එම තරගය අරම්භවීමට සුළු මොහොතකට පෙර ක්වින්ටන් ඩි කොක් පවසා ඇත්තේ තමා මෙම තරඟයට එක නොවන බවය.

කළු ජාතිකයින්ට සිදුවන අසාධාරණකම් වලට එරෙහිව “Black Lives Matter” නමින් ජනතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක ව පවතින අතර ඊට දක්වන සහායක් වශයෙන් ක්‍රිකට් තරඟයක් ආරම්භ වීමට ප්‍රථම දණ නවා ඊට සහාය දැක්විය යුතු බවට ලොව ක්‍රිකට් කණ්ඩායම් එකඟ වී තිබුණි.

නමුත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් එම අභිනය විවිධ ආකාරයට ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එරට ක්‍රිකට් බලධාරීන් නියෝගකොට තිබුණේ සියලුම ක්‍රීඩකයින් එක ආකාරයකට එම “අභිනය” කළ යුතු බවය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ එම නිවේදනය දුටුවිට තමාට හැඟුණේ “මගේ අයිතීන් ඩැහැ ගත්තා” වගේ හැඟීමක් බව ඩි කොක් පවසයි. තමා තරගයෙන් ඉවත්වූයේ එබැවින් බව ඔහු පැවසීය. 

තමාගේ තීරණය හේතුවෙන් අපහසුතාවයට පත්වූ සියලුදෙනාගෙන් ම සමාව අයදින බව පවසන ඩි කොක්, තමා මින් ඉදිරියට කණ්ඩායමේ තීරණය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවය.  

ඒ අනුව ඩි කොක්ට නැවතත් කණ්ඩායම සමග එක්වීමට අවස්ථාව හිමිවෙයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මීළඟ තරගය වන්නේ ශ්‍රී ලංකාව සමගය. එය එළඹෙන සෙනසුරාදා පැවැත්වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment