Home ක්‍රීඩා පුවත් ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් තරග ඉරිදා,

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් තරග ඉරිදා,

by Hela news

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලෝග් ආසියාටා සමාගම සමඟ එක්ව සංවිධාන කරන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග ඉරිදා (5) ප.ව. 1.00 සිට ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සහ ගලිගමුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය ප.ව.1.00ට කාන්තා අවසන් මහා තරගයට එක් වන අතර, පිරිමි අවසන් මහා තරගය ප.ව.3.00ට පැවැත්වීමට නියමිතය. නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය සහ දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය අතර එම තරගයෙ පැවැත්වේ.

කාන්තා අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ද, පිරිමි අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය සහ නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ද එක් වීමට නියමිතය. එම අවස්ථාවට ඩයලොග් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය ද සහභාගි වීමට නියමිතව ඇත.

0 comment
0

Related Posts

Leave a Comment