Home ව්‍යාපාර පුවත් ටෝකියෝ සිමෙන්ති සැපයුම ඉහළට

ටෝකියෝ සිමෙන්ති සැපයුම ඉහළට

by Hela news

වෙළෙඳපොළේ දැනට පවතින සිමෙන්ති හිඟය පියවීම සඳහා ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම විසින් කඩිනම් පියවර කිහිපයක් ගෙන ඇති බව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. ටෝකියෝ සිමෙන්ති සමාගම, ත්‍රිකුණාමලයේ පිහිටි සිය සිමෙන්ති නිෂ්පාදන කම්හලේ මසකට මෙට්‍රික් ටොන් 170,000ක් පමණ වන උපරිම ස්ථාපිත ධාරිතාවයෙන් මේ වනවිටත් සිය නිෂ්පාදන කටයුතු සිදුකරන බවත්, දිවයින පුරා බෙදාහැරීම් ක්‍රියාවලිය ද ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුතුව අඛණ්ඩව සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කරයි. රට තුළ නිපැයුම් ක්‍රියාවලිය උපරිම ධාරිතාවයෙන් සිදු කිරීමට අමතරව කොළඹ වරායේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමාගමේ පර්යන්තය හරහා මසකට සිමෙන්ති තොග මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමද මේ කාලය පුරා අඛණ්ඩව සිදු කෙරේ. මීට අමතරව, දැනට වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මඟහරවා ගැනීම සඳහා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඊට ක්ෂණික විසඳුමක් ලෙස මසකට අතිරේක සිමෙන්ති මෙට්‍රික් ටොන් 12,000ක් ආනයනය කිරීමට ද ටෝකියෝ සිමෙන්ති සමාගම විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කර ඇති බවද ආචාර්ය කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ටෝකියෝ සිමෙන්ති සමාගම දිවයිනේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස සිය ජාතික වගකීම පෙරටුකර ගනිමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බාධාවකින් තොර සැපයුමක් සෑමවිටම සහතික කරන බව ආචාර්ය කබ්රාල් සිය ප්‍රකාශයෙන් යළි අවධාරණය කරයි. ඒ නමුත් සමාගමෙන් පරිභාහිර සාධක ගණනාවක් හේතුවෙන් වෙළෙඳපොළේ මේ වනවිට දැඩි සිමෙන්ති හිඟයක් මතුව ඇත. සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම නිමි භාණ්ඩයක් ලෙස සිමෙන්ති නැව්ගත කිරීමට යොදාගන්නා විශේෂ තොග ප්‍රවාහන නෞකා හිඟකම මින් පළමුවැන්නයි. දෙවනුව, බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී ඇති වන සැලකිය යුතු ප්‍රමාදයන්, එනම් සාමාන්‍යයෙන් මීට පෙර එක් දිනකදී සිදු වුණු එම ක්‍රියාවලියට දැන් සතියකට වඩා ගතවීම ද මීට බලපා ඇත. මේ ඇතුළු සාධක ගණනාවක් වෙළෙඳපොළේ වර්තමානයේ උද්ගතව ඇති සිමෙන්ති හිඟයට අඩු වැඩි වශයෙන් බලපා ඇත.

0 comment
0

Related Posts

Leave a Comment