Home විදෙස් පුවත් ජෙරුසලමේ වෙඩි ප්‍රහාරයක්

ජෙරුසලමේ වෙඩි ප්‍රහාරයක්

by Hela news

ස්වයංක්‍රීය ගිනි අවියක් භාවිත කරමින් නාඳුනන පුද්ගලයකු විසින් සිදු කරනු ලැබූ වෙඩි තැබීමකින් ජෙරුසලම් නුවර ඊයේ දැඩි කැළඹීමකට ලක් වූ බව වාර්තා වේ. මේ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් සිව්දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ඉන් එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

වෙඩි තැබීම සිදු කළ අදාළ පුද්ගලයා ද පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වී ඇත. මීට දින කිහිපයකට පෙර 16 හැවිරිදි පලස්තීන තරුණයකු දේශසීමාව අසලදී ඊශ්‍රායල පොලිස් නිලධාරීන් දෙදෙනකුට පිහි ඇනුමක් සිදු කිරීම හේතුවෙන් වෙඩි තබා ඝාතනය කිරීමට පිළිතුරු වශයෙන් මේ වෙඩි තැබීම සිදු කළ බවට ඊශ්‍රායල පොලිසිය අනුමාන කළේය.

0 comment
0

Related Posts

Leave a Comment