Home ක්‍රීඩා පුවත් ජාතික පාපන්දු පුහුණුකරුට චෝදනාවක්.

ජාතික පාපන්දු පුහුණුකරුට චෝදනාවක්.

by Hela news

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් තුළ වෙනදා දක්නට ලැබුණු වේගවත් ක්‍රීඩා විලාශය පෙරේදා සීෂෙල්ස් පිලට එරෙහිව දක්නට නොලැබුණු අතර, තරගයට පෙර දින කණ්ඩායමේ පුහුණුකරු විසින් අධික වෙහෙසකර පුහුණු සැසියක් පැවැත්වීම මෙයට හේතුව බව චෝදනාවක් ද එල්ල වේ. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයට ක්‍රීඩකයන් රැගෙන ගොස් පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ අධික වෙහෙසකර පුහුණු සැසියක්දී ඇති හෙයින් ක්‍රීඩකයන් සීෂෙල්ස් සමඟ තරගයේදී අපහසුතාවකින් ක්‍රීඩා කළ බව විචාරක මතය වී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු බොස්නියානු ජාතික අමීර් ඇලැජික් මහතා ශ්‍රී ලංකා පාපන්දු පිල භාරගෙන වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් මෙතෙක් කිසිදු තරගයක් ජයග්‍රහණය දක්වා මෙහෙයවීමට සමත් වී නැත. ඔහු මෙයට පෙර බෘෘනායි පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර, එම කණ්ඩායම ද සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන නැත.

අමීර් ඇලැජික් මහතා මෙයට පෙර විවිධ රටවල ක්‍රීඩා සමාජ 24ක පමණ පුහුණුකරු ලෙස කටයුතු කොට තිබුණද ඒ කිසිදු කණ්ඩායමක් වසරකට වඩා ඔහුගේ සේවය ගෙන නැති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු අමීර් ඇලැජික් මහතා හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතර, ඇති කොන්ත්‍රාත් ගිවිසුම ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment