Home විදෙස් පුවත් ජර්මනියටත් සන්ධානයක් චාන්සලර් කවුදැයි තවමත් නිශ්චිත නැහැ

ජර්මනියටත් සන්ධානයක් චාන්සලර් කවුදැයි තවමත් නිශ්චිත නැහැ

by Hela news

ලොව පුරා මැතිවරණ කිහිපයක්ම පසුගිය දිනවල පැවැති අතර ඒ සියල්ලෙන්ම පෙනී ගියේ රටරටවල ජනතාව දේශපාලනය කෙරෙහි කිසියම් අප්‍රසාදයක් හෝ අකමැත්තක් ප්‍රකාශ කරමින් සිටින බවයි. එසේ නැතහොත් දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි. ඇතැම් රටවල් පිට පිට වසර කිහිපයක්ම මැතිවරණ පවත්වමින් සිටියද එකද පක්ෂයක් හෝ බහුතර ආසන සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ දිනා ගැනීමට නොහැකි වීම මඟින් සන්ධාන ආණ්ඩු පිහිටුවීමට කටයුතු කරනුද දැක ගත හැකි විය. ඊශ්‍රායලය මෙන්ම කැනඩාවද මේ අතර ඉදිරියෙන් සිටි අතර පසුගියදා ජර්මනියද එයට එක් විය.

පසුගියදා පැවති ජර්මන් ෆෙඩරල් මැතිවරණයෙන්ද බහුතර ආසන සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ දිනා ගැනීමට එකද දේශපාලන පක්ෂයක හෝ සමත් වූයේ නැත. ඒ හේතුවෙන්ම වසර 18ක් පුරා ජර්මනිය පාලනය කළ චාන්සලර් ඇන්ජෙලා මර්කල් ගෙන් පසු ජර්මන් චාන්සලර් ධූරයට පත් වන්නේ කවුරුන්ද යන්න තවමත් නිෂ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

ජර්මන් පාර්ලිමේන්තුවේ නිශ්චිත ආසන සංඛ්‍යාවක් නොමැති අතර මෙවර පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 735ක් ලෙස ප්‍රකාශ කර තිබේ. පැවති මැතිවරණයේදී ජනතාව ප්‍රකාශ කළ ඡන්දය අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 206ක් දිනාගෙන ඇති බව වාර්තා වී තිබේ. ක්‍රිස්තියානි සමාජ එකමුතුව දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 196කි. ක්‍රමයෙන් යුරෝපය පුරා තම බලය මෙන්ම තම මතවාදයද ඉස්මතු කරමින් නැගී එන නව ප්‍රවණතාවක් බවට පත්ව ඇති හරිත පක්ෂයට මෙවර ජර්මන් මැතිවරණයෙන් ඉතිහාසයේ වැඩිම ආසන සංඛ්‍යාව හෙවත් ආසන 118ක් දිනා ගැනීමට හැකියාව ලැබී තිබේ. කෙසේ වුවද මේ වන විටත් සන්ධාන ගත වීම කෙරෙහි දේශපාලන පක්ෂ නායකයන් සාකච්ඡා පවත්වමින් සිටියද එම සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට නොමැති බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

0 comment
0

Related Posts

Leave a Comment