Home විදෙස් පුවත් ජපානයේ චීන විරෝධතා

ජපානයේ චීන විරෝධතා

by Hela news

ජපානයේ ටෝකියෝ නුවර චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පසුගියදා උද්ඝෝෂණයක් පවත්වා ඇතැයි වාර්තා වේ. පුද්ගලයන් 50කට වැඩි පිරිසක් තානාපති කාර්යාලය අසල පැයකට ආසන්න කාලයක් මේ උද්ඝෝෂණය පවත්වා ඇත්තේ චීනය විසින් ෂිංජියැං, ටිබෙට් දේශයේ, හොංකොං සහ මොංගෝලියාවේ සිදු කරනු ලබන බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව පියවර ගැනීමට ජපානයට සහ අන්තර්ජාතික ප්‍රජාවට බල කිරිමටය. තායිවානයේ බරපතළ ලෙස චීන හමුදා ක්‍රියාන්විත සිදු කිරීම පිළීබඳව ද උද්ඝෝෂකයන්ගේ අවධානය යොමු වී ඇත. ජපානය තුළ චීනය කෙරෙහි මෙවැනි විරෝධාකල්ප ඉස්මතු වීම එරට රාජතාන්ත්‍රික මට්ටමේ අවධානය යොමු වූ කරුණක් වී ඇතැයි ද වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment