Home දේශීය පුවත් ජනාධිපති නාගලගම් වීදිය ජල පොම්පාගාරය බලන්න යයි

ජනාධිපති නාගලගම් වීදිය ජල පොම්පාගාරය බලන්න යයි

by Hela news

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක බැංකු නියෝජිතයෝ කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය (05) පෙරවරුවේ නිරීක්ෂණය කළහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012 වසරේදී කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සැළසුම් කළ ව්‍යාපෘති 55 ට මෙම නාගලම් වීදිය ජල පොම්පාගාර ව්‍යාපෘතිය ද ඇතුළත්ව තිබූ අතර කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම, වියළි කාලයේදී ඇළ මාර්ගවල ජලය අඩු වීම නිසා සිදුවන අපවිත්‍රතා මඟහැරවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.

තත්පරයකට ජලය ඝණ මීටර් 30 ක් කැලණි ගඟට මුදාහැරිය හැකි පොම්ප පහක් සහ තත්පරයකට ජලය ඝණ මීටර් 12 ක් කැලණි ගගෙන් ඇළ මාර්ගවලට රැගෙන ආ හැකි පොම්ප දෙකක් ඇතුළු ස්වයංක්‍රීය දොරටු දෙකකින් සහ පාලක පද්ධතියක් මෙය සමන්විත වේ.

සමස්ත ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් වැය කෙරෙන අතර එම මුදලින් ඩොලර් මිලියන 213 ක් ලෝක බැංකුව සහනදායී ණයකින් ද ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 108 ක් ශ්‍රී ලංකා රජය ලබාදෙයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ෂෙෆර්, රාජ්‍ය අමාත්‍යවරු වන නාලක ගොඩහේවා සහ මොහාන් පී. ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

0 comment
0

Related Posts

Leave a Comment