ජනාධිපතිගේ සාකච්චාව අසාර්ථකයි.. නැගෙනහිර පර්යන්තය 100%ක් රජය සතුවිය යුතුයි.. දශමයකින් පස්සට යන්නේ නෑ.. වරාය සේවකයෝ මහ සටනකට පණ පොවති..

0
52


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඊට සහභාගී වූ වරාය වෘත්තිය සමිති නියෝජිතයෝ සදහන් කරති.

51%ක් වරාය අධිකාරියටත් 49% පුද්ගලික අංශයටත් එහි අයිතිය දිය යුතු බව ජනාධිපතිගේ අදහස වූ බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය.

නමුත් තම ස්ථාවර වන්නේ පර්යන්තයේ 100%ක් ලංකාව සතු විය යුතු බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය දශමයක් හෝ පසුපසට යාමට සූදානම් නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here