බොලිවුඩ් තිරයේ ජනප්‍රිය නළුවෙක් ලෙස සැලකෙන ආක්ෂේ කුමාර්, කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත වී තිබේ.
රෝග ලක්ෂණ නොපෙන්වුවද “ආරක්ෂිත පියවරක්” ලෙස වෛද්‍ය උපදෙස් මත රෝහල්ගත වූ බව ඔහු පැවසීය.
ඔහු ආසාදිතයෙක් බවට තහවුරු වී ඇත්තේ මුම්බායි නගරයේ ඔහුගේ ඊළඟ චිත්‍රපටය රූගත කරමින් සිටින අතරතුරය.
ඔහු සමග වැඩකළ නිෂ්පාදක කණ්ඩායමේ බොහෝදෙනෙක්ට ද වෛරසය ආසාදනය වී තිබේ.